Yali Hamuwemu (යලි හමුවෙමු) - Nirosha Virajini Video


Download Yali Hamuwemu (යලි හමුවෙමු) - Nirosha Virajini mp3


පෙති පුරා සුවද විහිදුනු
අනන්තයේ යලි හමුවෙමු
මල් පුරා බඹරු පියඹන 
ඒ ලොවේ යලි හමුවෙමු
බිදුනු සිත් සතන් සුව කල
ඒ ආද‌රයෙන් යලි හමුවෙමු
මේ භවේ බැරිනම් ඉතින් අපි
මතු භවේවත් අපි අපේ වෙමු

කතර සරුකල දිය උපත අපි වෙම
ගිරි දුර්ග මැදින් ගලනා සිසිල සිය අපි වෙමු
මහ මුහුද පෙම් බදින ශීත ඉම ඔබ එනු
සැඩ සයුරු රලින් පෙරලී වෙරලට සමුදෙමු

නිමක් නොමැති අහසේ උඩටම පියඹමු
මහ පොලෙවේ ඉඩ නැතිනම් වලාවක අපි ඉමු
සැඩ වැස්සට නොතෙමී පිහාටුවත් ඉහලමු
මේ ආත්මයේ බැරිනම් මරනින් මතු හමුවෙමු

පෙති පුරා සුවද විහිදුනු ....