Wenas Wenna Epa - Harsha Dhanosh Video


Download Wenas Wenna Epa - Harsha Dhanosh mp3


වෙනස් වෙන්නෙපා කවදාකවත්
මට කීව ඔබ කොයිද අද හැංගුනේ
අලුත් පැල්පතේ ලැබු ජීවිතේ
දිගු කල් හොදින් ඉන්න ඇති තෙක් භවේ
මගෙ දුප්පත් කමයි ඉස්සර වුනේ
අද නවතින්න අපි මේ භවේ

සමාවෙන්න ඔබ ජීවිතේ පැතූ කෙනා
ලෙස පෙර දින සමත් වෙන්න මට බැරි වුනා
මේ හැම දේම අපි වින්දෙ හොදටයි කියා
ඔබෙ ඉදිරියට සුභ පතලා ඉන්නම් සදා
යලි මොන දේ වුනත් ඒ විද සදා
ඉන්න යහතින් ඔයා

කලානම් පිනක් පෙර භවේ මා
ඒ හින්දමයි ඔබ හමු වුනේ
නමුත් මේ භවේ කරලා ඇති මං පවක්
වෙනකෙක් මගෙන් ඔයා ඉදිරුයේ
මගෙ දුප්පත් කමයි ඉස්සර වුනේ
අද නවතින්න අපි මේ භවේ

ඔබෙ ගතිගුනෙන් පිරුණු කිසිවෙක්
හමුවන්නෙ නෑ කවදාකවත්
ලියාගෙනම අපි ආව ධෛවේ මෙයයි
කාලයට දැන් ඉඩදෙමි ඉතින්
මගෙ දුප්පත් කමයි ඉස්සර වුනේ
අද නවතින්න අපි මේ භවේ

වෙනස් වෙන්නෙපා කවදාකවත්
මට කීව ඔබ කොයිද අද හැංගුනේ
අලුත් පැල්පතේ ලැබු ජීවිතේ
දිගු කල් හොදින් ඉන්න ඇති තෙක් භවේ
මගෙ දුප්පත් කමයි ඉස්සර වුනේ
අද නවතින්න අපි මේ භවේ