Thibune Na Kiya | තිබුනේ නෑ කියා - Shiwantha Video


Download Thibune Na Kiya | තිබුනේ නෑ කියා - Shiwantha mp3


තිබු‌ෙන නෑ කියා අත මිටේ පුරා
ආදරේ මගෙ බිද හෙලා
ඇයිද ජීවිතේ නැති කලේ ඔයා
හේතු කාරණා නොම සොයා
හැම දේ යටයි මුදලට ලොවේ
විකුණුවේ ඔයා වැඩි මිලට ආ‌දරේ

හැම දේම සතුටින්ම පිලිගන්නෙ මං කෝම
දුක සතුට ලොව හැමට උරුමයි සෑමදා//
ජීවිතේ දුක සතුට ලොව හැමට උරුමයි සෑමදා

දහඩිය හෙලා හැම ධෛරිය යොදා
හැමදේම ලැබ දුන්නෙ ආදරේ නිසා
අඩුපාඩු කම් අප හැමගෙන් වෙනා
ඉවසන්න තිබුනා තව දවසක් ඔයා
හැම දේ යටයි මුදලට ලොවේ
විකුණුවේ ඔයා වැඩි මිලට ආ‌දරේ

හැම දේම සතුටින්ම...

රැවටුනු ඔබේ හිත ඔහු ලග පුදා
පසුතැවිලි වෙයි දිනක වැරදියි කියා
පවුකාරකම් හැම අතහැර දමා
යලි එන්න සතුටින්ම පිලිගන්නවා
හැම දේ යටයි මුදලට ලොවේ
විකුණුවේ ඔයා වැඩි මිලට ආ‌දරේ

තිබු‌ෙන නෑ කියා අත මිටේ පුරා...