Sitha Thama Soyanawa (සිත තාම සොයනවා) - Dinusha Madusanka Video


Download Sitha Thama Soyanawa (සිත තාම සොයනවා) - Dinusha Madusanka mp3


සිත තාම සොයනවා
පෙමක් නැති ආදරේ
ඔබෙ දෑස වෙත තාම
මං සිතින් ආදරේ

මගේ වෙලා මගේ ලගින් 
උන් පුංචි දගකාරී
මටත් හොරෙන් පියාඹලා
ඈතටම පාවී ඔයා
ඈතටම පාවී

දන්නවා නම් මගේ ආදරේ ඔයා
යන්නේ නෑ මා දමා
වෙන සිතක් සොයා
හිත අහනවා නෙතු ‌හොයනවා
තාම ආ‌දරේ ම‌ගේ
ඒ ඔයා නිසා
තුරුලට අරන් මගෙ පණ කියා
දුන්නු ආදරේ ම‌ගෙ තාම තියනවා

මගෙ වෙලා මගේ ලගින් 
ඉන්නවා කියා
මට වඩා සෙනෙහසක් 
දුන්නෙ කොහොමද ඔයා
හිත අහනවා නෙතු හොයනවා 
තාම ආදරේ ම‌ගේ
ඒ ඔයා නිසා
සෙනෙහස මගේ මගහැරදමා 
වෙනසිතක් සොයා 
ඔයා දුර පියාඹලා

සිත තාම සොයනවා
පෙමක් නැති ආදරේ
ඔබෙ දෑස වෙත තාම
මං සිතින් ආදරේ

මගේ වෙලා මගේ ලගින් 
උන් පුංචි දගකාරී
මටත් හොරෙන් පියාඹලා
ඈතටම පාවී ඔයා
ඈතටම පාවී