Sihinen Pawa Video


Download Sihinen Pawa mp3


සිහිනෙන් පවා ආවේ  සොයා
ගැහෙන හුස්මක් අදුනන නිසා
එලිවෙන තුරා දුක අදුර‌ට තියා
හොයමි ඔබ කොතනද කියා

කකියන සුසුමේ
පතුලෙම රැදිලා
අමතක නොවෙනා
මතකයයි ඔයා

දරන්න බැරි දුක් කදුලු පුරෝගෙන
හිනාවෙන්න මට කියන ඔයා
හිතන්න පැතුමන් ඉතුරු කලා නුඹ
ආදරයේ මුල් අකුර වෙලා එදා

කකියන සුසුමේ
පතුලෙම රැදිලා
අමතක නොවෙනා
මතකයයි ඔයා

හැංගෙමු අපි අපේ ලෝකයෙ තනියම
බලාඉන්නෙ නෙත් දහක් පතා
රකින්න සෙනෙහස සුවදේ සැඹරුම
නොමැකෙන සේ හදවතේ ලියා

සිහිනෙන් පවා ආවේ  සොයා
ගැහෙන හුස්මක් අදුනන නිසා
එලිවෙන තුරා දුක අදුර‌ට තියා
හොයමි ඔබ කොතනද කියා