Sajitha Anthony - SWARNAPALIYE - With Lyrics Video


Download Sajitha Anthony - SWARNAPALIYE - With Lyrics mp3


දොරමඩලේ ගිණි වැදුනේ
තුන් හිතේ ගින්දරා දෙයියෝ

සංසාරේ දුර ආවේ තනියෙන්ද මා
ඒ පාර සරසන්න මල් පිපුනේ නෑ
වස්සානේ ගිම්හානේ උන්නේද මා
ඒ වෙනස මට දැනුනෙ නෑ

කාලයේ බිංදු වේලාවේ
පාලුවේ අන්ද මායාවෙ
ආදරයෙ උරුමයද මම හෙව්වේ
ස්වර්ණපාලියේ
වංශයේ ද්වීර ධාරාවේ
අන්තයේ ඈත සේයාවේ
ආදරයෙ උරුමයද මට දුන්නු
ස්වර්ණපාලියේ

ලැම ගින්න හිත පල්ලේ ඇවිලී ගියා
පොද වැස්ස සංසාර ගිණි නිව්වෙ නෑ
රජ ඉසුරු සරසන්න පිලිවෙත පුරා
මං ගාව ඔබ උන්නෙ නෑ

කාලයේ බිංදු වේලාවේ...

Rap..

අසිපතේ තැවරුනේ ප්‍රේමයයි
උන්මාදිනියේ..
මා ලයේ වැගිරුනේ ස්නේහයයි
දොරමඩල ගිනිබත් වී
ඒ ගිනි කඳ හද පත්ලේ
ආදරයේ උණුහුමට මට දුන්නු 
ස්වර්ණපාලියේ ස්වර්ණපාලියේ