Rohitha Rajapaksa - Sihineka (සිහිනෙක) - With Lyrics Video


Download Rohitha Rajapaksa - Sihineka (සිහිනෙක) - With Lyrics mp3


සිහිනෙක වත් නැති මාගේ
සියුමැලි ඔබෙ තොල්පෙති රහසේ
මගෙ තොල් පෙති සිපගත් මොහොතේ 
මුල් දිනේ

කුටු නඳුලක් නෙතු ඉනුවේ
මගෙ පපුවේ ඇති සන්තෝසේ
උඟුලන්නට බැරි තැනමයි 
ලබැඳියේ

ඔබ මට දුන් ආදරේ රැකගන්නම් පණ වගේ
මඟ බාධා ඇති වූවත් ජීවිතේ
සසරේ අපි මෙලෙසින් ඉන්න ඇති
ඒ හුරුවෙන් ඔබ මට හමුවෙන්න ඇති

තනි නොකර මාගේ
හෙවනැල්ල වාගේ
පසුපසට වී හැමවෙලේ
ශක්තිය වෙලා හදේ
දුන්නු දිරියෙන් නුඹේ
කලඑලි වුනා හිත මගේ

ඔබ මට දුන් ආදරේ රැකගන්නම් පණ වගේ
මඟ බාධා ඇති වූවත් ජීවිතේ
සසරේ අපි මෙලෙසින් ඉන්න ඇති
ඒ හුරුවෙන් ඔබ මට හමුවෙන්න ඇති

දඟකරලා මගේ හුරතලය මානයේ
ඉඩකඩ සොයා හිතුමතේ
හුරතල් වෙලා ඔහේ නොදරුවෙකු වාගේ
නිදියන්න මා හදවතේ

ඔබ මට දුන් ආදරේ රැකගන්නම් පණ වගේ
මඟ බාධා ඇති වූවත් ජීවිතේ
සසරේ අපි මෙලෙසින් ඉන්න ඇති
ඒ හුරුවෙන් ඔබ මට හමුවෙන්න ඇති