Puranaya (පුරාණය) | Tharaka and Jayanada Video


Download Puranaya (පුරාණය) | Tharaka and Jayanada mp3


ගිණි වැදි සේයා හද ගැස්ම ගාවිලා
යුද වැදි සේන රුදු ඉමක යාවීලා
ලේ සුවද සේ දැනිලා ගිනි උණ්ඩ විහිදිලා
වීදියේ විශාලා මැව්නා

පුරාණේ මතක පීරා
අසුරයින් පවුරු බිදදා
වැනසුවේ රන් සේද මිණි යහනා
සරදමේ දසුන් පාලා
කාමරේ ඇමුණු චායා
රුදිරයෙන් වැසී වීදි සදා

මතකද ඔබ මා දුව පැන්න ඒ කාලේ
කඩපිල් අතරේ කුසගින්න යා කෙරුවේ
මේ සොදුරු රග මඩලේ තව කාසි හිනැහීලා
වීදියේ අප්සරාවන් මැව්නා

පුරාණේ මතක පීරා...

කාත් කව්රුවත් නැති ඈ
පටන් ගත්තේ බින්දුවෙන්
මද කිපුනු වන සත්තු
මෙල්ල කරේ කමෙ හෙන්ඩුවෙන්
දැන් දහස් ගානකට බිලි වෙලා ඈ
කාම ගන්නේ හාල් සේරුවෙන්
දනෙන් වැටුනු ඈ හිතෙන් වැටුනු ඈ
නැගිට ගත්තෙ වතේ වාරුවෙන්

පුරාණේ මතක පීරා...//