Pathu Senehe - Errol Jayawardena Video


Download Pathu Senehe - Errol Jayawardena mp3


පැතු සෙනෙහේ නිම වීලා 
දෙනෙතට කදුලක් ගෙන දීලා
සමුගෙන ඔබ මවෙතින් ගියදා
ජීවිතයේ මග මට වැරදුනා
ආදරේ මා දමාලා ගියා
ජීවිතයේ දුක මට ලං කලා

ලංවෙලා ඔබ කීව පෙම් කතා
මා ලයේ උණුහුමට හැංගිලා
පෙර එදා මගේ හද මත්කලා
අද ඔයා මගේ හද බිද දමා

මේ භවේ පුරා පැතු ආදරේ ඔයා 
මට යන්න බෑ ඔබෙන් වෙන් වෙලා//

හැමවෙලේ ඔබේ රුව මැවෙනවා
පාලුවෙන් මා තනිව දැවෙනවා
නෙතු මගේ ඔබෙ රුවම සොයනවා
කදුල පමණක් මගේ දුක දන්නවා

හැර යන්න නම් ඔබ ඇයි ලං වුනේ
රිදවන්න මට මුලු ජීවිතේ//

පැතු සෙනෙහේ නිම වීලා ...