Paniwidaya - Rukman Asitha Video


Download Paniwidaya - Rukman Asitha mp3


ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ...///
යාලුවෝ සාගරේ මීවිතේ වේ භාවිතේ
නොමනා ක්‍රියා වැඩිවුණේ
පාසලෙනුත් මා නෙරපුනේ
පාපමිත්‍ර මාරකේ මා නැවතුනේ පෝරකේ

ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ...

කල පවු වලට පසු තැවී
බිත්ති හතර අතරට කොටුවී
දෙමවුපියන් සිහිවේවී
ගතවිය කාලය දුක පෙවී 
පිළිගත්තානම් එදා මවුපියන් 
දුන් ඒ අවවාදේ
සමාජයෙන් නැගෙන්නේ නෑ මේ අවලාදේ

ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ...

නිදහස ලැබුණි තටු ලැබී
මදහස නැගුණි මුව පිරී
සමාජයට බරක් නොවී
හොඳ ජීවිතේ අරඹමී
මනුසත්කමින් සදා මා හදේ 
දෙයි ඒ නිම්නාදේ 
යලිත් වලේ වැටෙන්නේ නෑ මින් මතු ආයේ

ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ...//

යාලුවෝ සාගරේ මීවිතේ වේ භාවිතේ
නොමනා ක්‍රියා වැඩිවුණේ
පාසලෙනුත් මා නෙරපුනේ
පාපමිත්‍ර මාරකේ මා නැවතුනේ පෝරකේ...

ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ...//