Nodannawa Nowe - Tulanjana Siriwardane Video


Download Nodannawa Nowe - Tulanjana Siriwardane mp3


දුරක දුර අෑත පේන හීනෙක
සදක සද අහසෙ නොමැති මොහොතක
මලක මල් පෙති විසිරුනත් අද
ඔබට ඔබ ගැන කියූ කතාවක
නොදන්නවා නොවේ
මමත් දුකින් තැවේ
මගෙ ජීවිතය ඔබෙම වෙලා
අදත් මගේ හදේ
වසන්තයක් වගේ
ඔබේ කී කතා ඇසෙනවා

පාට පාට පේලි අතරේ ලීව ඒ කතන්දරේ
හීනෙකින් පවා මිදෙන්න බෑ
 ඔබයි මතක් කලේ
ආදරේ නිසා මුලු ලෝකේ වුනා
දෙහදක් හසින් යා වෙලා
නොදන්නවා නොවේ
මමත් දුකින් තැවේ
මගෙ ජීවිතය ඔබෙම වෙලා
අදත් මගේ හදේ
වසන්තයක් වගේ
ඔබේ කී කතා ඇසෙනවා

ඇසට ඇස ගාව කදුලු බිදුනක
සිතක සිත් අහස බොදවුනත් අද
දිනක ඔබ ගාව ඉන්න මොහොතක
මටද මම ගැන කියූ කතාවක
නොදන්නවා නොවේ
මමත් දුකින් තැවේ
මගෙ ජීවිතය ඔබෙම වෙලා
අදත් මගේ හදේ
වසන්තයක් වගේ
ඔබේ කී කතා ඇසෙනවා