Nethu (නෙතු) - Oshad Ranatunga Video


Download Nethu (නෙතු) - Oshad Ranatunga mp3


සියපත් අතරේ හිත සනසන කිඳුරි
දැහැනට සම වැදුනු
හිම කැට වැස්සේ තෙමිලා හිනැහැනු
නුඹ මේ සිතේ තැනූ 
ප්‍රේමයේ මාව සිරකලා නෙතූ

මේ හිත පුරා තිබූ
මගෙ සිල්වත් නුරා පෙම් සන්නය
නුඹට පවරා මා එදා
වින්ද වේදනා මගේ නෙතූ//

ඇසුරින් මිදී මේ හිතේ දුක තියාලා
නුඹ නික්මී ගියේ සුලඟක් වගේ නෙතූ
මලින් පිරී ගිය සිහිනය බිඳලා
නුඹ සොරකන් කෙරුවා නෙතූ
අඩවන් මගේ නෙතූ
විදි දුක නුඹට මතූ
නොදැනෙනු කියා මතු
පතනෙමි නුඹට නෙතූ

මැදියම් යාමේ හිත අසලින් රැඳිලා
මා සුවපත් කෙරුවේ නුඹේ මතකය සැමදා
අස්තීර පෙමකට ලෙන්ගතු වී
පිවිතුරු ප්‍රේමය විලංගු
නැවතත් මෙයින් මතූ
මටනම් එපා නෙතූ
නැවතත් මෙයින් මතූ
මටනම් එපා නෙතූ

rap
විරහා වේදනාව රලුද මේ තරම්
මට හිත හදාගන්නට බැරි තරම්
ඇයි මා ඔබට ආදරේ මෙතරම්
මටවත් අදහා ගන්න බැරි තරම්

ජීනිතයට බලාපොරොත්තූ
දුන් ඔබ මට දුරයි නෙතූ
උන් තැන ඔබ සතුටින් නම්
ඒ ඇති මට ජීවිතේටම නෙතූ

ප්‍රේමය යනු දුකට තව නමක්
පමණක් වන බව දැනගෙන සිටියත්
ඇයි කලෙ නුඹ ආලෙ මට තවත්
බොරුවට නොකෙරෙනා බව දැනත්

මා කැටුව ගියා නුඹ ආයෙපසු
නුඹ හින්දා හුඟක් මම වින්දෙ කටු
ඒ ගැන නොදැනද වෙන් වුනේ නෙතූ
ආදරේ ගියා විරහව ඉතුරු