Naayakayaneni - Shivanka Withanachchi Video


Download Naayakayaneni - Shivanka Withanachchi mp3


නායකයාණෙනී 
මොහොතක් අසන්න
මොහොතක් සිතන්න
මේ ගයන්නේ 
ඔබේ මිනිසුන් වෙනුවෙන්
අ‌පේ මිනිසුන් වෙනුවෙන්
ඔවුන්ගෙ නාමයෙන්
නායකයාණෙනී

ඔබ දුටුවද ඔබට ඇසුනද
මවතේ දුක් විදිනා
සාගතේ කෑ ගසනා
උන්ට කන්න නෑ
උන්ට බොන්න නෑ
නායකයාණෙනී

මොනවද නොකලේ 
ඔබ වෙනුවෙන්
ඔබ මොනවද කෙරුවේ 
උන් වෙනු‌ෙවෙන්
ඔබ අසන්න ඔබේ හදවතින්

ඔබෙ දරුවන් මියැදෙනවා
උන් මහ මග මියැදෙනවා
කෝ උන්ට ලෝකයක්
කෝ උන්ට ජීවිතයක්
ඉටු කලාද ඔබෙ යුතුකම්
ලක් මවගේ දරුවන් වෙනුවෙන්
ඔබ අසන්න
ඔබේ හදවතින්

මේ ගයන්නේ 
ඔබේ මිනිසුන් වෙනුවෙන්
අ‌පේ මිනිසුන් වෙනුවෙන්
ඔවුන්ගෙ නාමයෙන්
නායකයාණෙනී

ඉටුකලාද ඔබගේ යුතුකම්
ඔබ අසන්න
ඔබේ හදවතින්
නායකයාණෙනී