Maage Loke -Hemal Ft Romesh Sugathapala Official Music Video(මාගේ ලෝකේ) Video


Download Maage Loke -Hemal Ft Romesh Sugathapala Official Music Video(මාගේ ලෝකේ) mp3


කඳුලින් මගේ 
දෙකොපුල් තෙමේ 
නුඹ නෑ දන්නේ හිතේ වේදනා 
රහසින් වගේ පවසන් ලඳේ 
ඇයි මා දමා තනියෙන් ගියේ ඔබ මෙදා 

විලාපයේ මා මිලාන වූවා 
සුදුමැලි වූ කම්මුල් දැක මා ගොළු වෙලා 
සිනාවන් මැකිලා 
ඔබ නිහඬ වීලා 
දෑත බැඳ ඉන්නේ සුදුවතින් සැරසිලා 

මාගේ ලෝකේ හැමදා ඔයානේ 
හමුවෙන්න එන්නේ 
කවදාද ආයේ..//

මේ නිසල රෑ මා 
ඔබ ලඟම ඉන්නම් 
හඬවන්නෙපා මේ 
සිත මාගේ මෙතරම්  
මේ දිවිමගේ නෑ 
මට වාසනාවන් 
ඔබ දුන් සෙනෙහෙ 
හැමදාම මනරම් 

නොයෙනා  ගමනක් ගියා
කාටත්ම නොකියා 
දැවෙනා තරමක් දනී නම් ඔයා

මාගේ ලෝකේ හැමදා ඔයානේ 
හමුවෙන්න එන්නේ 
කවදාද ආයේ

පෙම් අන්ගනාවෝ 
දැනුනාම පාලු 
මතකේ විදින්නම් 
අපි දෙන්න යාලු 
සංසාරයේ මේ 
දුක වින්දේ කවුරු 
මා දන්නේ නැනේ 
දුක දරන අයුරු  

නොයෙනා  ගමනක් ගියා
කාටත්ම නොකියා 
දැවෙනා තරමක් දනී නම් ඔයා

මාගේ ලෝකේ හැමදා ඔයානේ 
හමුවෙන්න එන්නේ 
කවදාද ආයේ...//