Lakai Sikai - Paraadhawunu pemwathek Video


Download Lakai Sikai - Paraadhawunu pemwathek mp3


පරාදවුනු පෙම්වතෙක් වෙලා
සදා දුකින් ඉන්නවට වඩා
උඹටම අවසන් ගීය ලියා
මියැදෙන්නම් කැමතියිද ඔයා

පරාදවුනු පෙම්වතෙක් වෙලා
සදා දුකින් ඉන්නවට වඩා
ඊට වඩා හොද කෙනෙක් සොයා
යාලුවෙයන් නාහෙන් නොඅඩා

මගේ කියා මට කෙනෙක් නෑ
හුස්ම ගන්නවක් හිතක් නෑ
උඹේ පිරිමිකම වැඩක් නෑ
හුස්ම නොවැටුනත් කමක් නෑ
හුස්ම නොවැටුනත් කමක් නෑ

මගේම වෙන්නට ඕනෑ කියලා
බලාන ඉන්නයි කීව්වේ ඔයා
එහෙම කියා සතියක් ගතවුන් නෑ
පැනලා ගියා වෙනකෙකුගෙ වෙලා

ඔයා ගියත් මටනම් බෑ කිසිදා
තනිකඩවයි මා ඉන්නෙ සදා
කලින් සැරේ කිව්වෙත් ඔය ටිකමයි
අනේ ඉදින් බොරුව නොදා
අනේ ඉදින් බොරුව නොදා

පැතූ පැතුම් අපේ කැඩී විසිරිලා
කදුලම විතරක් උරුම වුනා
මං නම් කියන්නේ ඔයින් ගියා ඇති
අතේ තුට්ටු දෙක අපතෙ නොයා

කඩා වැඩී අපි තැනූ මාලිගා
නටබුන් විතරක් විතිරි වුනා
නැටූ නැටුම් වල තරමට නම් ඇති
නරඹුන් ටිකවත් ඉතිරි වුනා
නරඹුන් ටිකවත් ඉතිරි වුනා

පරාදවුනු පෙම්වතෙක් වෙලා...