IRAJ - Vise Kurutta | විසේ කුරැට්ටා Video


Download IRAJ - Vise Kurutta | විසේ කුරැට්ටා mp3


පෙම් කෙරුවා සුන්දර මැණිකේ
මට පෙන්වා කෝමළ සිහිනේ
ආල කතන්දර ව‌ාගේ ලොසින්ජර
කාසි පණම් මත බැදි ආලේ

පෙම් කෙරුවා පෙම්බර මැණිකේ
මං පැතුවා යන්නට දීගේ
පිටතින් සුන්දර ඇතුලින් ගින්දර
මාව ගිලන් කල මගෙ වා‌හේ

රෑට රෑට ගෙදරට එන විසේ කුරුට්ටා
මැණිකෙට පෙම් කරනවා රටම හින්ස්සා
ඉස්තිර ආලේ අස්තිර වූයේ
අස්කර ගන්නට බෑ මගෙ ප්‍රේමේ
හැරුනු අතේ හිස  මම යනවා

පෙම් කෙරුවා සුන්දර මැණිකේ
මං හැඩුවා වක්කඩ පල්ලේ
කදුලු මකන්නට සිනහ නගන්නට 
තොල් අග ගාගන මධු පානේ

පෙම් කෙරුවා සුන්දර මැණිකේ
මං යනවා හවසට පැන්නේ
මාල වලළු දැලි තෑගි කරපු හැටි
මතකයි ණයවී කඩ ගානේ

රෑට රෑට ගෙදරට එන විසේ කුරුට්ටා...

මම බැද ගත්තට බෙරය
ඒත් ගහන්නෙ නම් වටේ එවුන්
උඹ නැටුවට නැටුම
පද ටික හදන්නේ ගමේ එවුන්
මටත් වඩා උඹව දන්නේ
ගමේ ඉලුක් පදුරු
මම හොයන් ආපු එක ඉබ්බට
ගම වටේම යතුරු

රෑට රෑට ගෙදරට එන විසේ කුරුට්ටා...