Hamuweema Wenweema Loke Hati - Manjula Pushpakumara (Lyrics) Video


Download Hamuweema Wenweema Loke Hati - Manjula Pushpakumara (Lyrics) mp3


හමුවීම වෙන්වීම ලෝකේ හැටී
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැතී
අපේ වැරදි නොව ඒ මේ සසරේ හැටී
හැම සතුට කෙලවරම දුකකුත් ඇති
හදේ උතුරනා විරහ වේදනා දරාගන්නදෝ මා කෙසේ
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා සිතින් සෑමදා මා ඔබේ

ඔබේ සතුට පතලා ඈත්වීලා යනවා
මුණ නොගැහෙනා සේ යළී
අවසාන මොහොතේ ඔබේ දෑස දැකලා
මියැදෙන්න තිබුනොත් ඇති
ඔබේ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී පෙරුමන් පුරා මා ඉමී

අතගන්න මතු දා ඔබේ වෙන්න පතලා
මා කෙරුව පිං මදි ඇති
ඔබ කඳුළු පිසදා හිනැහෙන්න සැමදා
සැනසෙන්න මට ඒ ඇති
ඔබේ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී පෙරුමන් පුරා මා ඉමී

හමුවීම වෙන්වීම...

Lyrics :Kushan Maneendra