Diwranna Behe Neda - Thushara Sandakelum Video


Download Diwranna Behe Neda - Thushara Sandakelum mp3


හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ 
මගෙන් ගැලවී ගියත් හිතෙන් ගැලවෙන්න බෑ 
ගින්දරක් නොවුනිනම් දුමක් ඇති වෙන්න බෑ 
නුඹ වෙනස් වෙන්නට හේතු නැති වෙන්න බෑ 

දිවුරන්න බැහැ නේද මන් ඉදිරියේ
බොරු කරලා ඉපදෙන්නේ නැහැ සුගතියේ..//

තිබුනානම් හංගලා නුඹටම මා නොකියනා 
ලෝකයක් මටත් නුඹ වගේ.. 
මාත් අද රජ වෙලා ඔයත් අද පැරදිලා 
මන් කෙරුවේ නෑ ඒ වගේ 

නැවතුනේ හදවතයි මගේ ආදරේ නොවේ 
නවතුවේ නුඹ මගේ පන ගැහෙන හදවතයි 

දිවුරන්න බැහැ නේද මන් ඉදිරියේ
බොරු කරලා ඉපදෙන්නේ නැහැ සුගතියේ..//

නුඹව දන ගස්සලා වැරදි හරි ගස්සලා 
නෑ පලක් මටනම් තව නුඹේ 
කාටවත් රිද්දලා ඕනේ නෑ සැරසිලා 
විඳින්නට බෑ බලෙන් ආදරේ 

නැවතුනේ හදවතයි මගේ ආදරේ නොවේ 
නවතුවේ නුඹ මගේ පන ගැහෙන හදවතයි 

හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ 
මගෙන් ගැලවී ගියත් හිතෙන් ගැලවෙන්න බෑ 
ගින්දරක් නොවුනිනම් දුමක් ඇති වෙන්න බෑ 
නුඹ වෙනස් වෙන්නට හේතු නැති වෙන්න බෑ

දිවුරන්න බැහැ නේද මන් ඉදිරියේ
බොරු කරලා ඉපදෙන්නේ නැහැ සුගතියේ../