Deviyan Budun - Sameera M Ramanayaka (With Lyrics) Video


Download Deviyan Budun - Sameera M Ramanayaka (With Lyrics) mp3


තිබුනේම අතේ නම්
මහ ලොකුවට මුදල්
කීය හරි හම්බු කෙරුවේ 
අපේ හෙට ගැන හිතන්
ගැලපෙන්නේ නෑ කියාලා
ඔයා අද වෙන් වුනත්
කවදාක හෝ දැනේවී 
මගේ වටිනාකමත්

දෙවියන් බුදුන් වැද කල ප්‍රාර්ථනාවන්
කඩකල ඔයා මට ජාතිත් එපා තවත්//

කාටත් හොරා රහසේ අප හිත් එදා කදුලේ
මේ ලෙස දුරස් වෙන්නද කියලා කියන් එන්නේ
අවසාන ගීතේ මේ කව්රුත් එපා ආයේ
පිං කරලා නෑ තවත් මං ලබන්නට ආදරේ

දෙවියන් බුදුන් වැද කල ප්‍රාර්ථනාවන්
කඩකල ඔයා මට ජාතිත් එපා තවත්//

වටිනාකමක් මාගේ දැනුනොත් ඔයාට ආයේ
මේ හිතේ ඉඩදෙන්නටනම් පුලුවන් කමන් නෑනේ
රැවටීම පාපයක්නේ ඔයා ඒ පාපේ කෙරුවේ
තනියෙන්ම ඉන්නවා මං මියෙනා තුරු ආදරියේ

දෙවියන් බුදුන් වැද කල ප්‍රාර්ථනාවන්
කඩකල ඔයා මට ජාතිත් එපා තවත්//

තිබුනේම අතේ නම්...

දෙවියන් බුදුන් වැද කල ප්‍රාර්ථනාවන්
කඩකල ඔයා මට ජාතිත් එපා තවත්//