Dasa Mane (දෑස මානේ) - Shashini Video


Download Dasa Mane (දෑස මානේ) - Shashini mp3


දෑස මානේ ඔබ ඇවිත්
පෙම් හැගුම් මවනා
මා හදේ දැන් මට හොරෙන්
ආ‌දරේ පිරෙනා
මගෙ සිහිනේම වෙලා
ඔබ ඇවිදින් ද සොයා
ඔය දෑතේ ම තියා
ගෙනයන්නේ කවදා

ආකාසේ ගංගාවේ ඇතට ඇදී
ඔබ එක්ක යන්නම් වෙලී
රෑ තාරකාවන් සෙමින් අතුරමි
ඔබ එන්න ඇයි තරු දිගේ
මං සැම‌දේම වෙලා
ඔය දෑතේ ම තියා
ගෙනයන්නේ කවදා

ඔය දෑසේ මා දකින 
හැම මොහොතෙදී
මා උමතු වී යැයි සැනින්
සංසා‌රේ සෙවනැල්ල සේයා බැදී
පවසන්න දැන්වත් ඉතින්
මගෙ සිහිනේම වෙලා
ඔබ ඇවිදින් සොයා
ඔය දෑතේ ම තියා
ගෙනයන්නේ කවදා

දෑස මානේ ඔබ ඇවිත්...