Dan Wenas Wela Video


Download Dan Wenas Wela mp3


වෙන් වෙන්නනම් හදන්නේ නෑ ඉන්න කියන්නේ
වරදක් උනාද යන්නේ දැනගන්නයි අහන්නේ
මගේ දුප්පත්කම වත් නිසාදෝ දැන් වෙනස් වෙලා
තව කෙනෙක් හට ලං උනානම් මට එපා ඔයා...// 

හීන පොදි බැඳ ජීවිතේ දුර මැව්වේ පෙරදා 
දෑත බැඳගෙන ආදරෙන් අපි ලං වෙමු කියා
මට කී දේවල් මතක නැතිදෝ දැන් වෙනස් වෙලා 
හිත කෙනෙක් ළඟ නවතුනානම් මට එපා ඔයා..//
 
මගේ දුප්පත්කම වත් නිසාදෝ දැන් වෙනස් වෙලා
තව කෙනෙක් හට ලං උනානම් මට එපා ඔයා...

මාගේ හොඳ හිත තේරිලා විඳවන්න වෙයි මතුදා 
ශාප කර කර අයෙ මන් හඬන්නේ නෑ කිසිදා 
දුක් වෙලා යලි ලං වෙලා වැඳ වැටුනත් මතුදා 
ඔය වෙනස් වෙන හිත එපා මට යන්න මා හැරදා..//

වෙන් වෙන්නනම් හදන්නේ නෑ ඉන්න කියන්නේ
වරදක් උනාද යන්නේ දැනගන්නයි අහන්නේ
මගේ දුප්පත්කම වත් නිසාදෝ දැන් වෙනස් වෙලා
තව කෙනෙක් හට ලං උනානම් මට එපා ඔයා...//