Awaman Labanne - Ishara Mihan Madhurasinhe Video


Download Awaman Labanne - Ishara Mihan Madhurasinhe mp3


අවමන් ලබන්නේ ගැරහුම් ලබන්නේ
මා පෙම්වතෙක් වූ නිසා
තරහක් හිතේ නෑ අදටත් ඔයා නම්
මගෙමයි කියා හිතෙනවා

හමුවී කොහේ හෝ දුටුවොත් මගේ නෙත් 
මගහැරලා යන්නට එපා
සතුටින් ලොවේ මේ ඔබ ඉන්න ඕනේ 
ඔහු හා හොදින් මට වඩා

දුන්න සෙනෙහෙන් කැදලි තනලා
පුංචි අඩුවක් නොකර ගෙවුනත්
වෙන පෙම්වතෙක් ගැන හිතලා එදා ඇයි
මගෙ පෙමට අවමන් කලේ

හමුවී කොහේ හෝ ....

වැරදි වැටහී පසුතැවේවී
මාගෙ අගයත් දැනෙන මොහොතේ
දුප්පත් මගේ හිත රිදවූ තරම් යැයි 
හිතලා හඩන්නට එපා

අවමන් ලබන්නේ ....
හමුවී කොහේ හෝ ....