Amme Handanu Epa - Jude Rogans Video


Download Amme Handanu Epa - Jude Rogans mp3


අම්මේ හඩනු එපා
අම්මේ දැවෙනු එපා
පෙර කල පවකට දඩුවම් ලැබුනා
මරණය මට ලැබුනා..///

අම්මා අම්මා අම්මා අම්මා

නොකරපු වරදට දඩුවම් ලැබුනා
අවනීතිය ලොව රජ කෙරුවේ
මනුස්සකම් පිරිහී ගිය යුගයක
දෙවියොත් නෑ පිහිටට හිටියේ
මා ගැන මතකය ඉතින් අතුගා 
දමන්න මගෙ ආදර අම්මේ
මරණින් පස්සේ මතු යලි බවයක 
පුතෙකු වෙන්න අවසර අම්මේ

අම්මා අම්මා අම්මා අම්මා

යුක්තිය ධර්මය කණපිට පෙරලා
මිල මුදලට නීතිය විකිණේ
මරණෙ‌ෙ කරපවුනු අපි වගේ උදවිය
අසාධාරණය මත වැලලේ
මා ගැන මතකය ඉතින් අතුගා 
දමන්න මගෙ ආදර අම්මේ
මරණින් පස්සේ මතු යලි බවයක 
පුතෙකු වෙන්න අවසර අම්මේ

අම්මේ හඩනු එපා...