Thahanam Wela (තහනම් වෙලා) - Sisira Kumara - With Lyrics Video


Download Thahanam Wela (තහනම් වෙලා) - Sisira Kumara - With Lyrics mp3


ඔබ හිතුවක්කාරයි
මෙතුවක් කල් දැන සිටියා
මම කරුමක්කාරයි
කොයි කව්රුත් මට කිව්වා
මේ පිරිමි පපුවේ කිඳා බැස්ස සෙනෙහේ
ඔබෙ නාමයෙන් තැවෙනවා

තහනම් වෙලා සමුඅරන් ඔබ ගියත්
වෛරයක් නෑ මගෙ හිතේ කොනකවත්
මේ ආත්මේ අපි අපෙන් වෙන් වුනත්
මං ආදරෙයි මට ඔයා නොලැබුනත්

ආදරය නොහදුනන ඔබට ලං වෙලා
මං කල එකම වරද ප්‍රේමය තමා
දෙලොවක් අතර මා සිර කර දමා
ඔබ සතුට හෙව්වාද කඳුලු හොල්ලා
මේ පිරිමි පපුවේ කිඳා බැස්ස සෙනෙහේ
ඔබෙ නාමයෙන් තැවෙනවා

තහනම් වෙලා සමුඅරන්...

අහසක් තරම් උසට මාලිඟ තනා
මහතින් බිමට ඒවා සමතලා කලා
දෙලොවක් අතර මා සිර කර දමා
ඔබ සතුට හෙව්වාද කඳුලු හොල්ලා
මේ පිරිමි පපුවේ කිඳා බැස්ස සෙනෙහේ
ඔබෙ නාමයෙන් තැවෙනවා

තහනම් වෙලා සමුඅරන්...